නිමක් නැති පෙළක් නැති
මාත්‍රා අනන්තයක්!
වයන්නෝ අපි ම වෙමු
කටෝර ය,කර්කශ ය
අසිනි වරුසාවක් සේ
ජීවිත තාලයේ සමග්‍රහය එය නම්
සියුමැලි ය, සන්සුන් ය
හිමිදිරියේ වට මද පින්නක් සේ
ඛලිය වේ එය ජීවිත තාලයේ
ඒ මිහිරි තැන් සොඳුරු තැන්
පෙරළමි මතින් කවියට
ගොඩ වදිනු මැන රස විඳිනු මන
ඛලිය.....................
No comments:
Post a Comment