Friday, June 21, 2013

මගේ නමින්

මා නුඹ වෙත විසි කරනා
කවි දෝතම අහුලාගෙන
නුඹ ගැන ලියවුනු කවියක්
තියෙනවාද මට කියන්න

මගේ හදින් මිරිකාගෙන
මා ලියු කවි අහුර රැගෙන
නුඹේ හදේ එක මුල්ලක
එක රැස්කර තියා ගන්න

පෙර දවසක දෝර ගැලුව
කවි උල්පත සිදී ගියා
ඒ හින්දා එක කවියක්
මගේ නමින් තියා ගන්න

No comments:

Post a Comment