වැහි බීරමකින් අහස බර වෙලා
කඩා හැලෙන්නට ළඟයි වගේ
හිතේ බරට ඇස් කෙවෙනි රතු වෙලා
කඳුළු හැලෙන්නට ළඟයි නඟේ
ඈත සමුදුරේ දැකිය නොහැකි රළ
වෙරළ ලඟදී රළු වෙලා වගේ
දුර සිට මා දුටු අවිහිංසක නුඹේ
හිත දරදඬු ඇයි ළඟදී මගේ
දුවන මුවන් දැක නෙලූ පලා අත
බිම දමන්න සැරසිලා වගේ
මග හැර දිව ගොස් වෙහෙස දැණුනු පසු
යළි මා සිත නුඹ ළඟයි නගේ....
No comments:
Post a Comment